රුසියාවෙන් තෙල් ගන්න රජය සාකච්ඡා අරඹයි

පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන සැපයුමට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබේ. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාගැනීම තහවුරු කිරීම සඳහා රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අතර අද (13) විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *