මියන්මාර රජය ද විධිමත් ඉන්ධන බෙදාහැරීමක් සහතික කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වා දී තිබේ. නේ පයි ඩෝ, යැන්ගොන්, මැන්ඩලේ සහ ටවුන්ගී යන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩපිළිවෙළ පසුගියදා ආරම්භ විය.
වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍ර (Wheel Tax) තොරතුරු සමඟ සම්බන්ධ කර ඇති මෙම QR පද්ධතිය මගින් සැබෑ පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.