අනාගතයේ දී ගණුදෙනු කරන්න වෙන්නේ රූබල් හෝ යුවාන් වලින් විතරයි.. කෝ මේ ආණ්ඩුවට යුවාන් සංචිත? – විමල් වීරවංශ

මේ වන විට මැද පෙරදිග ඇතිවී ඇති යුද ගැටුම් අනුව අනාගතයේදී ආර්ථික ගනුදෙනු සිදුකිරීමට සිදුවන්නේ රුසියානු රූබල් හෝ චීන යුවාන්වලින් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීර වංශ පවසනවා.

ඩොලරයේ අධිපත්‍ය බිඳ වැටෙන බවත් වත්මන් ආණ්ඩුවට ඊට මුහුණ දීම සඳහා සැලසුම් නොමැති බව ඔහු පෙන්වා දී තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ ඊයේ (16) උදෑසන පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

ජ්‍යාත්‍යන්තර විශ්ලේෂකයින් පැහැදිලි අනතුරු ඇඟවීම් කර තිබියදී පුරසාරම් දෙඩු ආණ්ඩුවට කිසිදු පූර්ව සැලසුමක් නිසියාකාරව ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි බව ද ඔහු පවසා තිබෙනවා.

තෙල් මිලදී ගැනීම සඳහා මේ වන විට රුසියාව පසුපස යාමට සිදුවී ඇති බවත් රුසියාවක් කලින් කියූ පරිදි රූබැල් හෝ යුවාන්වලින් ඒ සඳහා ගෙවීම් කිරීමට ආණ්ඩුවට නොහැකි වූ බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

“රුසියාව කියනවා මුදල් කලින් ගෙවන්න, රූබල් වලින් හෝ යුවාන් වලින් ගෙවන්න, ඩොලර් වලින් බැහැ කියලා. ඒත් මේ ආණ්ඩුවේ උද්දච්ච මහ බැංකු අධිපති කලින් කිව්වේ රූබල් වත් යුවන්වත් බැහැ කියලා කියලා. දැන් යුවාන් එකට ලෝකේ ඉල්ලුම වැඩි වෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් ගේන්න පුළුවන් යුවාන් එකෙන් විතරයි. ඩොලරයේ ආධිපත්‍ය බිඳ වැටෙනවා. ඒ නිසා ඩොලර් සංචිත නොව යුවාන් වගේ මුදල් සංචිත තියාගන්න ඕනේ. ඒකවත් මේගොල්ලොන්ට තේරෙන්නේ නැහැ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *