2026 මාර්තු 20 වන සිකුරාදා කොළඹදී පැවැති දෙවන වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන මාලාව දෙරටේ අනාගත ආර්ථික සහ දේශපාලනික ගමන්මග තීරණය කරන තීරණාත්මක සාකච්ඡාවක් බවට පත්විය.
2030 වසර වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට තීරණය විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි බ්‍රසීල නිල සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.