ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශක්තිමත් බලශක්ති හවුල්කාරිත්වයක් – අමාත්‍ය කුමාර ජයකොඩි කියයි

ලංකාවේ අනාගත බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර නවමු මෙන්ම තීරණාත්මක බලශක්ති හවුල්කාරිත්වයක් ආරම්භ වී ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඇති කරගත් මෙම එකඟතාව, මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ,

“ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගොඩනැගුණු මෙම සුහදශීලී එකඟතාව, රටේ අනාගතය වෙනුවෙන් තැබූ ඉතා ධනාත්මක පියවරක්. අප ජාතියේ බලශක්ති ක්ෂේත්‍රය වඩාත් සුරක්ෂිත සහ ශක්තිමත් මට්ටමකට ගෙන ඒම සඳහා අපි එක්ව කැපවී සිටිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *