පොදු ජනතාවගේ බදු මුදලින් මහජන ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද දේපළ විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත්, ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
බස් නැවතුම්පොළේ සිදුව ඇති අලාභහානි නිරීක්ෂණය කිරීම සඳහා අද (අප්‍රේල් 10) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“ඊයේ රාත්‍රියේ අලුත්වැඩියා කර අවසන් කළ දේවල් අද උදේ වනවිට නැවතත් කඩා දමා තිබෙනවා. විශේෂයෙන්ම කාන්තා වැසිකිළි පද්ධතියේ තිබූ කරාම 05ක්ම කරකවා ගලවා දමා විනාශ කර තිබෙනවා. මෙය පැහැදිලිවම සැලසුම් සහගතව කළ සංවිධානාත්මක වැඩක්.