මැද පෙරදිග යුද ගැටුම් ඇති වීමෙන් පසුව, ලංකාව බොරතෙල් බැරලයක ඩොලර් 286 ක් ගෙවා ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි, එච්එස්බීසී බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී ජෝර්ජස් එල්හෙඩරි, හොංකොන් හී පැවති ආර්ථික සමුළුවකට සහභාගී වෙමින් පවසා තිබුණි.
මෙම පුවත මේ වන විට රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන අතර, කෙසේ වෙතත්, විශේෂ නිවේදනයක් නික-ුත් කරන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, එය සත්‍යයෙන් තොර ප්‍රවෘත්තියක් බව පවසයි.
මැද පෙරදිග යුද ගැටුම් ඇති වීමෙන් පසුව ලංකාව ඇණවුම් කළ පළමු බොරතෙල් නැව අප්‍රේල් මස දා හත් වන දා කොළඹ වරායට පැමිණීමට නියමිත බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
යුද්ධයෙන් පසුව මෙරටට ගෙන්වන බොරතෙල් සදහා ලංකාව ගෙවීමට එකඟ වී ඇති මිල ගණන්, බැරලයකට ඩොලර් 71.99, ඩොලර් 111.62, ඩොලර් 71.81 සහ ඩොලර් 113.29 යන මිල පරාසයන් තුළ පවතින බව පවසන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, සාපේක්ෂව ලංකාව, වාසිදායක මිල ගණන් යටතේ ඉන්ධන ගෙන්වීමේ හැකියාව තහවුරුකරගත් රටක් බව ද පවසයි.
ඒ අනුව, ලංකාව බොරතෙල් බැරලයකට ඩොලර් 286 ක් ගෙවා ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුත-ු කරන බවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.