“ආලෝක ලංකාවට රැගෙන ඒමේදි ගැටළු කිහිපයක් ඇතිවුනත් ඒවා විසඳාගැනීමට හැකිව තිබෙනවා” යනුවෙන් පඤ්ඥාකර හිමියන් කැලිෆෝනියාවේ පැවැති වෙසක් වැඩසටහනකදී අනාවරණය කළේය.
ආලෝකා නම් සුනඛයා ලංකාවට රැගෙන ඒමේදී මුලින් Turkish Airlines විසින් ස්ථාන්බූල් දක්වා පමණක් කැබින් එක තුළ ගමන් කිරීමට අවසර ලබාදී තිබූ බව උන්වහන්සේ පැවසීය.
“ස්ථාන්බූල් සිට කොළඹ දක්වා කැබින් එක තුළ ගමන් කිරීමට අවසර හිමිවුනේ නෑ” යනුවෙන් පැවසූ පඤ්ඥාකර හිමියන්, “නමුත් Sri Lanka Embassy ය සහ ශ්‍රී ලංකා රජය සම්බන්ධ වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අලෝකාට කොළඹ දක්වා කැබින් එකේ ගමන් කිරීමට Turkish Airlines අවසර ලබා දුන්නා” යනුවෙන් වැඩිදුරටත් පැහැදිලි කළේය.
“ආලෝකාට දිගු ගුවන් ගමනක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා, ආලෝකා ලංකාවේ පාද යාත්‍රාවේ ඉන්නවා දකින්න කැමතිවුනා. ඔහු විශේෂ ආරාධනාවක් කරා ඒ නිසා අපි ආලෝකව රැගෙන යනවා” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළේය.
“ලෝකය පුරා ආලෝකාට ආදරය කරන මිලියන ගණනක් ජනතාව සිටින නිසා මේ අවසරය ලබා ගැනීමට සහයක් වුනා. ගැටළු කිහිපයක් ඇතිවුනත් ඒ සියල්ල විසඳුනා” යනුවෙන් ද පඤ්ඥාකර හිමියන් පැවසීය.
ආලෝකාගේ ශ්‍රී ලංකා පාද යාත්‍රාව පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ උනන්දුව හේතුවෙන් මෙම ගුවන් ගමන සඳහා රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුව ඇති බව එහිදී තහවුරු විය.