වැලිගම නගර සභාව මඟින් රුපියල් 2,866,046.45ක පිරිවැයක් දරා සංවර්ධනය කිරීම ආරම්භ කරන ලද ඒ.පී. දළුවත්ත මාවතේ (වලාන රෝහල දක්වා පාර) ඇතිරූ ඉන්ටලොක් (Interlock) ගල් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වීමත් සමඟ ඒවා ගලවා ඉවත් කිරීමට කොන්ත්‍රාත්කරුට සිදු වී ඇත.
නිසි ටෙන්ඩර් පටිපාටියට අනුව පෞද්ගලික සමාගමකට පවරා තිබූ මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදු කෙරෙමින් යන අතරතුරදී ප්‍රමිතිය පිළිබඳව ගැටළු
මතුවීමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සහ වැලිගම නගර සභාවේ තාක්ෂණික නිලධාරීන් එක්ව සිදු කරන ලද විශේෂ තත්ත්ව පරීක්ෂාවකදී මෙම මාර්ගයේ අල්ලන ලද ඉන්ටලොක් (Interlock) ගල් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇත. ඒ අනුව වැලිගම නගර සභාවේ පාලක පක්ෂයේ (NPP) මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් සභාපති මොහොමඩ් අෆරාස්ගේ නියෝගයකට අනුව කොන්ත්‍රාත්කරුවන්ට අල්ලන ලද ප්‍රමිතියෙන් තොර ඉන්ටලොක් (Interlock) ගල් ඉවත් කිරීමට සිදුව ඇත.
පසුව නැවතත් දෙවන වරටත් මේ වන විට කොන්ත්‍රාත්කරුවන් විසින් අලුතින් ගල් ගෙන්වා මාර්ගය සැකසීම ආරම්භ කර තිබේ.