බාල ඉන්ටර්ලොක් ගල් දමා හදපු වැලි­ගම ඒ.පී. දළු­වත්ත මාවත යළි හදන්න කොන්ත්‍රාත්කරුට නියෝග

වැලි­ගම නගර සභාව මඟින් රුපි­යල් 2,866,046.45ක පිරි­වැ­යක් දරා සංව­ර්ධ­නය කිරීම ආරම්භ කරන ලද ඒ.පී. දළු­වත්ත මාවතේ (වලාන රෝහල දක්වා පාර) ඇතිරූ ඉන්ටලොක් (Interlock) ගල් ප්‍රමි­ති­යෙන් තොර බව තහ­වුරු වීමත් සමඟ ඒවා ගලවා ඉවත් කිරී­මට කොන්ත්‍රා­ත්ක­රුට සිදු වී ඇත.

නිසි ටෙන්ඩර් පටි­පා­ටි­යට අනුව පෞද්ග­ලික සමා­ග­ම­කට පවරා තිබූ මෙම ව්‍යාපෘ­තියේ වැඩ ක‍ටයුතු සිදු කෙරෙ­මින් යන අත­ර­තු­රදී ප්‍රමි­තිය පිළි­බ­ඳව ගැටළු

මතුවීමෙන් පසු මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ ඉංජි­නේ­රු­ව­රුන් සහ වැලි­ගම නගර සභාවේ තාක්ෂ­ණික නිල­ධා­රීන් එක්ව සිදු කරන ලද විශේෂ තත්ත්ව පරී­ක්ෂා­ව­කදී මෙම මාර්ගයේ අල්ලන ලද ඉන්ටලොක් (Interlock) ගල් ප්‍රමි­ති­යෙන් තොර බව තහ­වුරු වී ඇත. ඒ අනුව වැලි­ගම නගර සභාවේ පාලක පක්ෂයේ (NPP) මන්ත්‍රී­ව­රුන්ගේ එක­ඟ­තා­ව­යෙන් සභා­පති මොහො­මඩ් අෆ­රාස්ගේ නියෝ­ග­ය­කට අනුව කොන්ත්‍රා­ත්ක­රු­වන්ට අල්ලන ලද ප්‍රමි­ති­යෙන් තොර ඉන්ටලොක් (Interlock) ගල් ඉවත් කිරී­මට සිදුව ඇත.

පසුව නැව­තත් දෙවන වර­ටත් මේ වන විට කොන්ත්‍රා­ත්ක­රු­වන් විසින් අලු­තින් ගල් ගෙන්වා මාර්ගය සැක­සීම ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *