ගල් අගුරු කොමිසමේ වැඩ මාධ්‍යයෙන් රටටම දෙනවා,දැන් කොමිසමට තොරතුරු දෙන්න – ඇමති සුසිල් විපක්ෂයට කියයි

“චානක, සුජීව, මරික්කාර්, අජිත් පී දැන් ගැලරියට කතාකරලා වැඩක් නෑ. දැන් ගිහින් කොමිසමට දන්න තොරතුරු දෙන්න” යනුවෙන් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, විවිධ චෝදනා නගමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන් මරික්කාර් සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන් සතු තොරතුරු විධිමත් විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු බවයි.

“කොමිසමේ වැඩ සියල්ල මාධ්‍ය වලින් පෙන්වනවා” යනුවෙන් පැවසූ අමාත්‍ය රණසිංහ මහතා, විමර්ශන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් යුතුව සිදුවන බවට සහතික විය.

“ඔයාලා ආවෙ නැත්තන් ඒකත් පෙන්නනවා” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ ඔහු, කැඳවනු ලැබුවහොත් කොමිසම හමුවේ පෙනී සිට තොරතුරු ලබාදීම ඔවුන්ගේ වගකීම බව අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *