“මම අම්මා බලන්න යන්නේ කෝච්චියේ. හැබැයි දැන් යන්න අම්මා බලන්න යන්න කෝච්චියක් නැහැ” යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, දුම්රිය සේවාවේ වත්මන් තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.
“රේල් පාර හදාගන්න බැරි නම් අපිට දෙන්න.. අපි හදලා පෙන්නන්නම්” යනුවෙන් අභියෝගයක් ද එල්ල කළ සේනසිංහ මහතා, රජයට දුම්රිය මාර්ගය සහ සේවාව නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි නම් විපක්ෂයට හෝ වෙනත් පාර්ශවයකට එම වගකීම භාරදෙන ලෙස ඉල්ලා සිටියේය.
සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය දුම්රිය සේවාව කඩා වැටීම නිසා තමන්ගේ මව බැලීමට යාමටවත් තමන්ට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඔහු පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් පෙන්වා දුන්නේය.