රනිල්​ගේ සැත්ක​ම 65 කරා නම් 75 දී විතර repair එ​නවා, 77දී කරපු නිසා අවුරුදු 20ක් ශ්‍රී ලංකාව සුරක්ෂිතයි – වජිර කියයි

“බය වෙන්න එපා රනිල් මැතිතුමා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකට ඇවිල්ලා ඉන්නේ” යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෑතකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුකළ ශල්‍යකර්මය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ඔය operation එක 65 කරා නම් 75 දී විතර repair එනවා, දැන් 77 දී කරපු නිසා තව අවුරුදු 20ක් ශ්‍රී ලංකාව සුරක්ෂිතයි” යනුවෙන් අබේවර්ධන මහතා වැඩිදුරටත් කීය.

රනිල් වික්‍රමසිංහ මහතාට වයස අවුරුදු 65 දී මෙම ශල්‍යකර්මය සිදු කළේ නම් වයස 75 දී පමණ නැවත ප්‍රතිකාර අවශ්‍ය වනු ඇති බවත්, නමුත් වයස 77 දී සිදුකිරීම නිසා තවත් වසර 20කට පමණ රටේ අනාගතය සුරක්ෂිත බවත් ඔහුගේ අදහස විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *