තමාට එරෙහිව අධිචෝදනා ගොනු කරමින් නඩු පැවරුවද ආණ්ඩුව විවේචනය කිරීම නතර නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළේය.
“අධිචෝදනා දීලා මං වෙනුවෙන්ම වෙනම උසාවියක් දාලා නඩු අහන්න” යනුවෙන් අභියෝග කරමින් ඔහු කියා සිටියේය.
“අධිචෝදනා නෙවෙයි මොන චෝදනා දුන්නත් ආණ්ඩුවට ගහන එකනම් මේ චාමර නවත්තන්නේ නෑ” යනුවෙන් දසනායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.