පිල්ලෙ­යාන් කණ්ඩා­යමේ වධ කඳ­වු­ර­කට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අ­ඩං­ගු­වට ගනියි

මෙරට යුද්ධය පැවති අව­සන් කාල‍යේදී හිටපු නියෝජ්‍ය ඇම­ති­ව­ර­යකු මෙන්ම නැඟෙ­න­හිර පළාත් මහ ඇමැ­ති­ව­ර­යාව සිටි ශිව­නේ­ෂ­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන් නොහොත් පිල්ලෙ­යාන්ගේ කණ්ඩා­යම විසින් පව­ත්වා­ගෙන ගිය වධ කඳ­වු­රට සම්බ­න්ධව සිටි සැක­ක­රු­වන් දෙදෙ­නෙක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු‍වේ මනුෂ්‍ය ඝාතන හා සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන අංශය මඟින් පෙ‍රේදා (26) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. රාජ්‍ය නිල­ධා­රීන් ඇතුළු සිවිල් වැසි­යන් පැහැර ගැනීම, අතු­රු­දන් කිරීම, පහ­රදී ඝාත­නය කිරීම හා ඊට ආධාර අනු­බල දීම සම්බ­න්ධ­යෙන් කෙරන විම­ර්ශ­න­යන්ට අදා­ළව මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

කිරාන්හි පදිං­චි­ක­රු­වන් වන 54 හා 52 හැවි­රිදි වියේ පසු­වන මෙම සැක­ක­රු­වන් එරා­වුර් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර පැය 72ක් රඳ­වා­ගෙන විම­ර්ශන පැවැ­ත්වී­මට නියෝ­ග­යක්ද ලබා­ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත‍මේ­න්තුව සඳ­හන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *