රජයේ ආදා­යම 35%කින් ඉහ­ළට – අය වැය හිගයක් සීඝ්‍ර ලෙස පහළට වැටෙයි

මෙම වසරේ ජන­වාරි මාසයේ රජයේ ආදා­යම 35%කින් වර්ධ­නය වී ඇතැයි මුදල් හා ක්‍රම­ස­ම්ප­දාන අමා­ත්‍යාං­ශය කියයි.

අය-වැය හිඟය ද රුපි­යල් බිලි­යන 3.8 දක්වා පහළ ගොස් ඇතැයි මුදල් හා ක්‍රම­ස­ම්ප­දාන අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.

2026 වසරේ ජන­වාරි මාසය තුළ රජයේ සමස්ත ආදා­යම පසු­ගිය වසරේ අනු­රූප කාල­සී­මා­වට සාපේ­ක්ෂව සිය­යට 35.2ක කැපී පෙනෙන වර්ධ­න­යක් අත්කර ගැනී­මට සමත්ව ඇති බව වාර්තා වේ.

2025 වසරේ ජන­වාරි මාසයේ දී රුපි­යල් බිලි­යන 346.58ක් ලෙස සට­හන් වූ රජයේ ආදා­යම, 2026 ජන­වාරි වන විට රුපි­යල් බිලි­යන 468.75ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම කාල­සී­මාව තුළ රජයේ සමස්ත විය­දම රුපි­යල් බිලි­යන 472.56ක් ලෙස සට­හන් වන අතර, ඒ අනුව සමස්ත අය-වැය හිඟය රුපි­යල් බිලි­යන 3.81ක් දක්වා සැල­කිය යුතු ලෙස අඩු වී තිබේ.

ආදා­යම් වර්ධ­නය පිළි­බඳ වැඩි­දුර තොර­තුරු සලකා බැලී­මේදී, රජයේ බදු ආදා­යම රුපි­යල් බිලි­යන 434.23ක් දක්වා වර්ධ­නය වී ඇති අතර එය 2025 ජන­වාරි මාසයේ ලැබූ රුපි­යල් බිලි­යන 321.48ක බදු ආදා­ය­මට සාපේ­ක්ෂව සිය­යට 35ක වර්ධ­න­යකි.

එමෙන්ම බදු නොවන ආදා­ය­මද රුපි­යල් බිලි­යන 25.10 සිට රුපි­යල් බිලි­යන 34.52 දක්වා සිය­යට 37.5කින් ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *