ජනතාව ඉක්මනින් පොල්ල අතට ගන්නවා, අරගලයට එහා ගිය එකක් එනවා – සුජීව සේනසිංහ

ඉදිරි මැයි දිනය වත්මන් ආණ්ඩුවට “හොම්බෙන් යන මැයි දිනයක්” බවට පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “වාසි දීලා බලහත්කාරයෙන් යම් පිරිසක් ආණ්ඩුව ගෙනෙයි. ඒ පිරිසම මාසයක් දෙකක් යද්දී ආණ්ඩුවට විරුද්ධව පොලු මුගුරු අතට ගනියි” යනුවෙනි.

“ජනතාව ඉතාම ඉක්මනින් පොල්ල අතට ගන්නවා. අරගලයට එහා ගිය එකක් ඉදිරි අනාගතයේදී එනවා” යනුවෙන්ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

එන්න එන්නම ආණ්ඩුවේ දූෂණය සහ හොරකම වැඩිවන බව චෝදනා කළ සේනසිංහ මහතා, “කලින් කිසිම ආණ්ඩුවක මෙහෙම වුණේ නෑ. තනිකරම ගසාකෑම තමයි” යනුවෙන් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *