අයිස් සමඟ තරුණ භික්ෂුවක් අත්අඩංගුවට – ජංගම දුරකථන කවරයේ සඟවා තිබියදී සොයාගනියි

මෙනික්හින්න, හුරිකඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බව කියන 23 හැවිරිදි තරුණ භික්ෂුවක් ‘අයිස්’ හෙවත් ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමඟ රංගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රංගල පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලිස් නිලධාරීන් සිදුකළ සෝදිසි කිරීමකදී, භික්ෂුව සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ පිටුපස කවරය තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ, රංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත විජේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ‘අයිස්’ ජාවාරමේ නිරතව සිටි මෙම තරුණ භික්ෂුව අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *