මෙට්‍රෝ බස් දාලා ආණ්ඩුව කරල තියෙන්නේ ගණිකාවක් පෝරුවේ තිබ්බ වගේ වැඩක්,අපේ සල්ලි බිලියන 07ක් විනාශ කරනවා – බස් ගැමුණු කියයි

රජය විසින් හඳුන්වා දී ඇති මෙට්‍රෝ බස් ව්‍යාපෘතියට දැඩි විරෝධය පළ කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ආණ්ඩුවට තියුණු ප්‍රහාරයක් එල්ල කර ඇත.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ, “ලංගම නිසා තමයි රටේ මගී ප්‍රවාහනය විනාශ වුනේ” යනුවෙනි.

අලුතින් ගෙන්වන මෙට්‍රෝ බස් රථ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ, “අපේ සල්ලි බිලියන 7ක් නිරපරාදේ විනාශ කරනවා මේ අලුත් බස් ගෙනල්ලා” කියාය.

ආණ්ඩුවේ මෙම තීරණය දැඩි ලෙස විවේචනය කළ ඔහු, “මෙහෙම මෙට්‍රෝ බස් දාලා ආණ්ඩුව කරල තියෙන්නේ ගණිකාවක් පෝරුවේ තිබ්බ වගේ වැඩක්” යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *