හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් දැඩි ලෙස විවේචනය කළා.
උන්වහන්සේ අවධාරණය කරන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පීඩා කිරීමට හෝ ඔහුව දේශපාලනිකව හුදකලා කිරීමට ආණ්ඩුව දරන උත්සාහයන් කිසිසේත් සාර්ථක නොවන බවයි.
“අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආදරෙයි. ආණ්ඩුව හිතනවා නම් එතුමාගේ නිල නිවාස ආපසු අරගෙන, ආරක්ෂාව අඩු කරලා එතුමාව හුදකලා කරලා රිද්දන්න පුළුවන් කියලා, ඒක කරන්න මේ ආණ්ඩුවට බැහැ. ඒ වගේම අල්ලස් කොමිසමට කැඳවලා එතුමාව අපහසුතාවයට පත් කරන්නත් ඔවුන්ට ඉඩ දෙන්නේ නැහැ.”
ඉදිරි දේශපාලන ගමන් මඟ පිළිබඳව දැනටමත් සැලසුම් සකස් කර ඇති බවත්, 2029 වසරේදී නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් කිරීම තම ස්ථාවරය බව උන්වහන්සේ පැවසුවා.
ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවත්, තවත් වසරක් ගතවීමට පෙර එම සැලසුම් ක්‍රියාත්මක කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
- News 19