තමන්ට සිල්ලර කඩයක් දුන්නත් මාස 6කින් සුපර් මාකට් එකක් බවට පත් කිරීමට හැකියාව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
ඊයේ (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සමගි ජන බලවේගය සතුව විශාල මානව සම්පතක් පවතින බවත්, ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එවැනි වටිනාම සම්පතක් බවත්ය.
“හර්ෂ ද සිල්වාත් අපේ පක්ෂයේ ඉන්න ඉතාමත් වටින සම්පතක්. ඒ සම්පතෙන් වැඩ ගන්නේ කොහොමද? ඒ සම්පත මාර්කට් කරගන්නේ කොහොමද? ඒ සම්පත යොදාගෙන අනාගතයේදී බලය ලබාගන්නේ කොහොමද කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ” යැයි ඔහු සඳහන් කළේය.
තමන් කිසිවිටෙකත් ආණ්ඩු පිහිටුවීමට පෙර අමාත්‍ය ධුර බෙදාගන්නා පුද්ගලයෙකු නොවන බව පැවසූ බණ්ඩාර මහතා, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටියදී බිංගිරියේ ලංකාවේ විශාලම අපනයන සැකසුම් කලාපය හැදූ බව සිහිපත් කළේය.
“මට සිල්ලර කඩයක් දුන්නොත් ඒක මාස 6කින් සුපර් මාකට් එකක් කරන්න. ඒක නිසා ඕන දෙයක් ඔට්ටුයි නලින් බණ්ඩාරට. මට ඕන අමාත්‍යංශයක් ඔට්ටුයි. බුද්ධ ශාසනය දුන්නත් ඒකත් මං ගොඩදානවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඉදිරි පාලනයක් යටතේ රටේ සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීමට අපේක්ෂා කරන බවත්, ලැබෙන ඕනෑම වගකීමක් ඉහළින්ම ඉටු කිරීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.