දිට්වා සහ මැදපෙරදිග අර්බුදය මධ්‍යයේ පවා මේ පෙන්නුම් කරන ඔරොත්තු දීමේ හැකියාව විශිෂ්ඨයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

දිත්වා සුළි කුණාටුව සහ මැද පෙරදිග මත-ු වී තිබෙන අර්බුදය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබිය දී ත් එම අර්බුදයන්ට මුහුණ දෙමින් පෙන්නුම් කරන ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව විශිෂ්ඨ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව වන ජුලී කොසෑක් මේ බව පවසා තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචනය අනුමත කිරීම සදහා එහි විධායක මණ්ඩලය ඉදිරි සති කිහිපය ත-ුළ රැස්වීමට නියමිත ය.

විධායක මණ්ඩලය එම සමාලෝචනයන් අනුමත කළ පසු ඩොලර් මිලියන හත්සියයක මුදලක් ලංකාවට ලැබෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා මත ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ මේ වන විට රටට ප්‍රතිඵල අත්කර දීමට සමත්ව ඇති බව ජුලී කොසෑක් පවසා තිබුණි.

2025 වසරේ මූල්‍ය කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව පවසන ජුලී කොසෑක්, ආදායම් වැඩි කර ගැනීම එහි රහස බව හෙළි කර සිටියා ය.

මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකගතා මත ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සදහා බලධාරීන් දැඩි කැපවීමක් පෙන්නුම් කරන බවද ඈ පවසයි.

ශ්‍රී ලංකාවට සහාය වීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපව සිටින බවද මෙම මාධ්‍ය හමුවේ දී ජුලී කොසෑක් පවසා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *