චමල් රාජ­ප­ක්ෂගේ සේන­පුර නි‍ව­සෙන් වී මලු 15ක් සහ විදෙස් රටකින් ගෙන්වූ විදුලි පංකා­ව­ක් උස්සයි

හිටපු කථා­නා­යක චමල් රාජ­පක්ෂ මහ­තාගේ තිස්ස­ම­හා­රාම, දෙබ­ර­වැව, සේන­පුර ප්‍රදේ­ශයේ නි‍ෙව­සට ඇතුළු වූ සොරකු එහි තිබූ රුපි­යල් 55000ක් වටිනා වී මලු 15ක් සහ විදෙස් රට­කින් ගෙන්වන ලද විදුලි පංකා­වක් සොරා­ගෙන ගොස් ඇතැයි තිස්ස­ම­හා­රාම පොලී­සිය පැව­සීය.

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා අල්ලස් කොමි­ස­මට ප්‍රකා­ශ­යක් ලබා­දී­මට ගිය ඉකුත් 12දා උදෑ­සන හිටපු කථා­නා­ය­ක­ව­රයා තවත් පිරි­සක් සමඟ කොළඹ ගොස් සිටි­යදී මේ සොර­කම කර ඇතැයි පොලී­සිය පැව­සීය.

හිටපු කථා­නා­ය­ක­ව­ර­යාගේ නි‍ෙවසේ මුර­කරු ලෙස කට­යුතු කළ තිස්ස­ම­හා­රාම, දෙබ­ර­වැව, ගඟ­සි­රි­පුර ප්‍රදේ­ශයේ පදිංචි විකුම් අම­ර­වීර මහතා ඉකුත් 15දා උදෑ­සන සිද්ධිය පිළි­බඳ තිස්ස­ම­හා­රාම පොලී­සි­යට පැමි­ණිලි කර ඇත.

ඔහු ඉකුත් 13දා පාන්දර මිදුල අතු­ගා­න­විට නි‍ෙවසේ ජනේ­ල­යක් විවෘ­තව ඇති බව දැක කිරි මහ­ත්තයා නමැති අයකු සමඟ එක්ව සොයා බැලී­මේදී සොර­කම සිදු­කර ඇති බවට දැන­ගත් බව ඔහු පොලී­සි­යට පවසා ඇත.

හිටපු කථා­නා­ය­ක­ව­ර­යාගේ රියැ­දුරු නවා­තැන් ගන්නා කාම­රයේ තිබූ විදුලි පංකාව එහි නොතිබූ බවත් වී ගබ­ඩාවේ තිබූ වී මලු 15ක් නොමැති බවත් ඔහු පවසා ඇත. මොහු වසර 4 ක පමණ කාල­යක සිට චමල් රාජ­පක්ෂ මහ­තාගේ නි‍ෙවසේ මුර­කරු ලෙස කට­යුතු කරන බව ද ඔහුගේ පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

ජනේ­ලය විවෘ­තව තැබූ ස්ථානයේ බිම වැටී තිබී රාජ්‍ය බැංකු­වක ගිණුම් පොතක් හමුවී ඇති අතර එය තිස්ස­ම­හා­රාම, ටිකිරි උදා­න­ගම පදිංචි 38 හැවි­රිදි අය­කුගේ බවට සොයා­ගෙන ඇති අතර එම පුද්ග­ලයා මේ සොර­කම සිදු­ක­ර­න්නට ඇතැයි සැක කරන බව ද පැමි­ණි­ලි­කරු පොලී­සි­යට පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *