“ඩබල් පොකට් ඩබල් ගේම්, ඩබල් ඇක්ටින් ඩබල් පේමන්ට්” ක්‍රමයට කටයුතු කරන පිරිස් ගැන චෝදනා කරමින්, හෙට දිනයේදී හෝ ආණ්ඩු බලය ලැබුණොත් ඩොලර් බිලියනයක විදේශ විනිමය මෙරටට ගෙන ඒමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, “ඩබල් පොකට් ඩබල් ගේම්, ඩබල් ඇක්ටින් ඩබල් පේමන්ට්. හෙට ආණ්ඩුව භාර ගත්තොත් ඩොලර් බිලියනයක් ගේන්න මම ලෑස්තියි” යනුවෙනි.