ආර්ථිකය තත්වය කළමනාකරණය කරමින් ඉදිරි මාස 02ක් තුළ ඩොලර් මිලියන 900ක් ලංකාවට

ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 900ක් ඉදි­රියේ දී ශ්‍රී ලංකා­වට ලැබී­මට නිය­මි­තව තිබෙන බව විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ඩොලර් මිලි­යන 200ක් සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලින් ඩොලර් මිලි­යන 700ක් පමණ ඉදි­රි­යේදී මෙර­ටට ලැබී­මට නිය­මි­තව තිබෙන බව පෙන්වා­දෙන ඒ මහතා, ඒ අනුව ශ්‍රී ලංකාවේ පව­තින ආර්ථික තත්ත්වය කළ­ම­නා­ක­ර­ණය කිරී­මට හැකි වනු ඇතැයි විශ්වා­සය පළ කරයි. ඒ මහතා මේ බව සඳ­හන් කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනු­ම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (19) පස්ව­රුවේ පැවති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ විජිත හේරත් මහතා,

“පව­තින ආර්ථික තත්ත්වය සම්බ­න්ධ­යෙන් අමාත්‍ය මණ්ඩල සාක­ච්ඡා­වේදී ජනා­ධි­ප­ති­ව­රයා කරුණු දක්වා තිබෙ­නවා. ලෝක යුද­මය තත්ත්වය හේතු­වෙන් අපේ ආර්ථි­කයේ විච­ලන ඇතිව තිබෙ­නවා. ඊට මුහු­ණ­දීම සඳහා යම් යම් ක්‍රියා­මාර්ග ගත යුතු වෙනවා. ලෝක තත්ත්වය නිසා මෙවැ­න්නක් සිදුව තිබෙ­නවා. එසේ නොමැ­තිව රට අභ්‍ය­න්ත­රයේ තත්ත්ව­යක් නිසා නොවෙයි. කලා­පයේ රට­වල් රැසක මුදල් අව­ප්‍ර­මා­ණය වී තිබෙ­නවා. අපේ මුදල් විදේ­ශ­යන්ට වේග­යෙන් ගලා යෑම පාල­නය කරන්න පිය­වර ගනි­මින් සිටි­නවා.

ආසි­යානු සංව­ර්ධන බැංකුව ඩොලර් මිලි­යන 200ක් සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ඩොලර් මිලි­යන 700ක් පමණ ඉදි­රි­යේදී ලබා­දී­මට නිය­මි­තව තිබෙ­නවා. ඒ අනුව පව­තින තත්ත්වය කළ­ම­නා­ක­ර­ණය කර­ගන්න පුළු­වන් වෙයි කියා විශ්වාස කර­නවා. ලෝක තත්ත්ව­යට මුහුණ දෙන විට යම් යම් තත්ත්ව­යන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉන්දි­යාවේ අග­මැ­ති­ව­රයා විවිධ ප්‍රකාශ කර තිබුණා. ලෝක යුද තත්ත්වය සමඟ එවැ­න්නක් සිදු වෙනවා” යැයි පැව­සීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *