පාඨලී-සිය­ඹ­ලා­පි­ටිය සමයේ ගල්අ­ඟුරු අක්‍ර­මි­කතා පිළිබඳ පැමි­ණි­ල්ලක් ගල් අගුරු කොමිසමට ලැබෙයි

පාඨලී චම්පික රණ­වක හා රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහ­ත්වරු විදු­ලි­බල සහ බල­ශක්ති ඇමැති ධුර­වල කට­යුතු කළ සමයේ ගල්අ­ඟුරු ආන­ය­න­යේදී සිදු­වූවා යැයි කියන අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලක් ජාතික ජන බල­වේ­ගයේ මොන­රා­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රුවන් විජේ­සේ­කර මහතා ගල්අ­ඟුරු වංචා සෙවීමේ ජනා­ධි­පති කොමි­ස­මට ඊයේ (20) භාර දුන්නේය. පාඨලී චම්පික රණ­වක මහතා ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ 2009 – 2014 කාලයේ ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී කැබි­නට් මණ්ඩ­ලයේ අනු­මැ­ති­ය­කින් තොරව ගල්අ­ඟුරු මෙට්‍රික් ටොන් 2,85,000 ප්‍රමා­ණ­යක් ආන­ය­නය කර ඇති බව මෙම පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

2015-2016 කාලය තුළදී ස්පොට් ටෙන්ඩර් ක්‍රම­යට හා ටර්ම් ටෙන්ඩර් ක්‍රම­යට මෙට්‍රික් ටොන් මිලි­යන 4.4 ක් ආන­ය­නය නිබෙන බවත් විග­ණන වාර්තා අනුව ටෙන්ඩර් දෙකෙහි මිල පර­ත­රය රුපි­යල් මිලි­යන 1800ක් බව කියා සිටි­යේය. මෙහිදී අක්‍ර­මි­ක­තා­වක් සිදු වී තිබෙන හෙයින් ඒ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් සිදු කිරී­මට අවශ්‍ය බව පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

මේ අතර 2017 වසරේ ගල්අ­ඟුරු ආන­ය­න­යේදී තවත් වංචා­වක් සිදුව ඇති අතර, එම කාලයේ විදු­ලි­බල අමා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කර ඇත්තේ රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහ­තායි. එහිදී ගල්අ­ඟුරු මෙට්‍රික් ටොන් මිලි­යන 2.25ක් ටෙන්ඩර් කාලය අව­සන් වීමෙන් පසු පෞද්ග­ලික සාකච්ඡා මාර්ග­යෙන් මූලික ටෙන්ඩ­ර්ක­රු­වන් නොවන වෙනත් අය­කුට ටෙන්ඩ­රය ලබා­දීම සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *