මිලියන 280ක් නොගෙවීම නිසා Aero Lanka ගුවන් යානය වසර 57ක් තිස්සේ කටුනායක රදවා ගනියි

එරෝ ලංකා (Aero Lanka) ගුවන් සමාගමට අයත් බෝයිං B727-223(F) – TU-TAB (නිෂ්පාදිත වර්ෂය 1969) ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළට ගෙවිය යුතු රුපියල් මිලියන 280 කට අධික මුදලක් නොගෙවා පැහැර හැර ඇති බැවින් එම ගුවන්යානය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රඳවා තබාගෙන ඇතැයි වාර්තා වේ.

අදාළ ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නැවැත්වීමේ ගාස්තු, පියවීම් ප්‍රමාදයන් සඳහා වන පොළිය ලෙස 2026 මාර්තු 20 වැනි දිනට රුපියල් මිලියන 280කට වැඩි මුදලක් (284,473,729.10) ගෙවීම පැහැර හැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 101 වැනි වගන්තියට අනුව මෙම ගුවන් යානය රඳවා ගැනීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

පනතට අනුව මෙම මුදල් නොගෙවන්නේ නම් ගුවන්යානය විකිණීමටද අධිකාරියට බලය ඇත. නමුත් මේ වන විට ගුවන්යානය පවතින්නේ ඉතා අබලන් තත්වයකය.

ඒ අනුව මෙම හිඟ මුදල් සම්පූර්ණයෙන් ගෙවන ලෙසට අදාළ සමාගමට අවසන් නිවේදනයද නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *