පාඨලී චම්පික රණවක හා රංජිත් සියඹලාපිටිය මහත්වරු විදුලිබල සහ බලශක්ති ඇමැති ධුරවල කටයුතු කළ සමයේ ගල්අඟුරු ආනයනයේදී සිදුවූවා යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේසේකර මහතා ගල්අඟුරු වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට ඊයේ (20) භාර දුන්නේය. පාඨලී චම්පික රණවක මහතා ඇමැතිවරයා ලෙස කටයුතු කළ 2009 – 2014 කාලයේ ගල්අඟුරු ආනයනය කිරීමේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ගල්අඟුරු මෙට්‍රික් ටොන් 2,85,000 ප්‍රමාණයක් ආනයනය කර ඇති බව මෙම පැමිණිල්ලේ සඳහන් වේ.
2015-2016 කාලය තුළදී ස්පොට් ටෙන්ඩර් ක්‍රමයට හා ටර්ම් ටෙන්ඩර් ක්‍රමයට මෙට්‍රික් ටොන් මිලියන 4.4 ක් ආනයනය නිබෙන බවත් විගණන වාර්තා අනුව ටෙන්ඩර් දෙකෙහි මිල පරතරය රුපියල් මිලියන 1800ක් බව කියා සිටියේය. මෙහිදී අක්‍රමිකතාවක් සිදු වී තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අතර 2017 වසරේ ගල්අඟුරු ආනයනයේදී තවත් වංචාවක් සිදුව ඇති අතර, එම කාලයේ විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ රංජිත් සියඹලාපිටිය මහතායි. එහිදී ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් ටෙන්ඩර් කාලය අවසන් වීමෙන් පසු පෞද්ගලික සාකච්ඡා මාර්ගයෙන් මූලික ටෙන්ඩර්කරුවන් නොවන වෙනත් අයකුට ටෙන්ඩරය ලබාදීම සිදුව ඇත.