ආබාධ සහිත තැනැත්තන් සේවයට ගන්නා පෞද්ගලික ආයතනය වෙත සේවකයාගේ වැටුපට රජයෙන් 15,000ක් ලබා දෙයි

ආබාධ සහිත තැනැත්තන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම මූලික කරගෙන පෞද්ගලික සේවා යෝජකයන් දිරි ගැන්වීම හා සේවා නියුක්තිය වර්ධනය කිරීමේ අරමුණින් ආබාධ සහිත පුද්ගලයෙකු‍ සේවයේ යොදවන්නේ නම්, එකී පෞද්ගලික ආයතන වෙත රජයෙන් රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව සේවකයාගේ වැටුපෙන් 50% ක වැටුප් සහනාධාරයක් මාස 24 ක් දක්වා ලබාදීම සඳහා 2026 අය වැය යෝජනාවට අනුව රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර තිබෙනවා.

ආබාධ සහිත තැනැත්තන් 5000 ට ආසන්න පිරිසකට රැකියා අවස්ථා ලබා දීම මෙහි මූලික අරමුණයි.

ඒ අනූව ඔවුන්ගේ තොරතුරු හා රැකියා අවස්ථා ලබාදීමට කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගේ තොරතුරු ලියාපදිංචි කිරීමේ සමාරම්භක අවස්තාව සහ “Next Dream” වැඩසටහන යටතේ හඳුන්වා දෙනු ලබනවා.

මෙම “Next Dream” වැඩසටහන ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය උපාලි පන්නිලගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2026.05.22 වන දින ප.ව. 02.00ට බත්තරමුල්ල ,සෙත්සිරිපාය,පළමු මහලේ,C කොටසේදී පිහිටි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *