ල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) රජයෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගවලදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය බලය අනිසි ලෙස භාවිත කරමින් නීති විරෝධී ලෙස කටයුතු කර ඇති බවට චෝදනා කරමින් පොහොට්ටු පක්ෂය මෙම ඉල්ලීම සිදු කර ඇත.