2026 අප්‍රේල් මාසයේ දී ශ්‍රි ලංකාව ඩොලර් මි.886ක ඉන්ධන ආනයනය කරයි

පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරට ‍ඉන්ධන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 886ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 149.9%ක වැඩිවීමකි.

මැද පෙරදිග පවතින ගැටුම් මධ්‍යයේ ගෝලීය වෙළෙඳපොළ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉහළ ආනයන පරිමා හේතුවෙන් මෙලෙස ඉන්ධන ආනයන වියදම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

external sector bulletin april 2026 s 14 Iri News

ප්‍රධාන වශයෙන් පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 734.6ක් දක්වා ඉහළ ගොස් තිබීම ප්‍රධාන වශයෙන් අප්‍රේල් මාසයේ ඉන්ධන ආනයන වියදම මෙලෙස විශාල අගයයක් ගැනීමට හේතු වී ඇත. මීට අමතරව අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 108.1 ක බොරතෙල් ආනයනය කර ඇති අතර ගල් අඟුරු ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 43.4ක වියදමක් දරා ඇත.

මේ සමඟම 2026 වසරේ මුල් මාස 04 තුළ ඉන්ධන ආනයනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැරීමට සිදුව ඇති සමස්ත වියදම ඩොලර් බිලියන 2.16ක් වන අතර එය 2025 වසරේ මුල් මාස 04හි ඉන්ධන ආනයන වියදම වූ ඩොලර් බිලියන 1.41 හා සැසඳීමේ දී 53.6%ක ඉහළ යාමක් වේ.

Source – Ada derana BIZ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *