පැයට කිලෝමීටර් 117ක වේගයෙන් අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් නවතා නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වා තිබියදී රුපියල් 1000ක අල්ලස් මුදලක් ලබාගෙන මෝටර් රථයට පිටවීමට ඉඩ සැලසූ පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කිරීමට අධිවේගී මාර්ග කොට්ඨාසය කියයි. මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ අධිවේගී මාර්ග කොට්ඨාසයේ දොඩංගොඩ අන්තර් හුවමාරු ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේය. වැඩ තහනමට ලක්කළ පොලිස් සැරයන්වරයා ඉකුත් මස 18 වැනිදා පෙරවරු 6.00 සිට සවස 6.00 දක්වා අධිවේගී මාර්ගයේ දොඩංගොඩ අන්තර් හුවමාරුවේ කොළඹ දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුවේ රාජකාරීයේ යොදවා තිබී ඇත.
එහිදී කඩවත අන්තර් හුවමාරුව මඟින් අධික වේගයෙන් ගමන් ගන්නා රථ ග්‍රහණය කර ගැනීමේ මෙහෙයුමක් මඟින් පෙරවරු 11.19 පැයට කිලෝමීටර් 117ක අධික වේගයෙන් ගමන් ගන්නා මෝටර් රථයට නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී තිබේ.
එම මෝටර් රථය 11.30-12.00ත් අතර කාලයේදී රාජකාරීයේ යෙදී සිටි ස්ථානයෙන් පිටවීමට පැමිණි අවස්ථාවේදී නිලධාරියා විසින් රථය නවතා නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට එහි රියැදුරුගෙන් ව්‍යංග අර්ථයෙන්නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට අල්ලස් ලෙස මුදල් රුපියල් 1000ක් ලබාගෙන තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් සැරයන්වරයාගේ රාජකාරී වැඩ අධිවේගී මාර්ග කොට්ඨාසයේ බස්නාහිර පළාත, සීදුව සහකාර පොලිස් අධිකාරීවරයා තහනමට ලක් කර ඇත.