යහපාලන රජයේ මුල් මාස දහ අට ත-ුළ ගැසට් කරන ලද, සභාගත කරන ලද සහ සම්මත කරන ලද අන පනත් ප්‍රමාණයට වඩා වැඩි අන පනත් ප්‍රමාණයක් ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් පාලනය තුළ ඉදිරිපත් කර තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
විශේෂයෙන්ම යහපාලනය සහ ජනාධිපති අනුරගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේග රජය යන පාලනයන් ජනතාව විසින් ස්ථාපිත කරන ලද්දේ දූෂණ විරෝධී අභිලාශයන් පෙරදැරිකරගෙනයි.
යහපාලනයේ මුල් මාස දහ අට ත-ුළ නීති 20 ක් සම්මත කර තිබෙන අතර, වත්මන් පාලනයේ මුල් මාස දහ අට තුළ සම්මත කර ඇති නීති ගණන 32 කි.