චාවකච්චේරියේ සංගීත සංදර්ශනයකදී එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් ගීත ගැයූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනියි –

මෙරට තහනම් සංවිධානයක් වන එල්.ටි.ටි.ඊ සංවිධානය වෙනුවෙන් 2026.05.31 වන දින චාවකච්චේරිය නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී ගීත ගායනා කළ සැකකරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු විසින් ඔහුගේ ටික් ටොක් (Tiktok) ගිණුමට ඔහු විසින් එදින ගායනා කළ ගීත 04 ක් සංස්කරණය කර එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් ගායනා කළ ගීතයක් ලෙස උඩුගත (upload) කර ඇති බවද අනාවරණය වී තිබේ.

මේ අනුව සැකකරු 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 03 (උ) වගන්තියේ දැක්වෙන දඩුවම් ලැබිය හැකි වරද සිදුකර ඇති බැවින් ජංගම දුරකථනය සමඟ අධිකරණයට ඉදිරිපත්කර ඇත.

ගරු අධිකරණය විසින් සැකකරු 2026.06.17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකරු වයස අවුරුදු 24 ක් වන කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ චාවකච්චේරිය මුලස්ථාන පොලිස් විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *