රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන තත්ත්වය සහ ඔහුට එහිදී සලකන ආකාරය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් දැඩි අනාවරණයන් රැසක් සිදු කර තිබේ
සුරේෂ් සලේ මහතා දැඩි මානසික හා ශාරීරික කඩා වැටීමකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි .
උදය ගම්මන්පිල මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ අද උදෑසන සුරේෂ් සලේ මහතාගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ සහෝදරයා සහ පුත්‍රයා රහස් පොලිසිය (CID) වෙත ගිය බවයි. එම අවස්ථාව වන විටත් ඔහු දැඩි ලෙස කඩා වැටීමකට ලක්ව සිටි බව ඔවුන් ප්‍රකාශ කර තිබේ