වාහන අංක තහඩු මුද්‍රණය හෙට සිට යළි ඇරඹෙයි

මාස දහතුනකට පසු වාහන අංක තහඩු මුද්‍රණය හෙට (08 වැනිදා) සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මේ වනවිට මුද්‍රණය සඳහා අංක තහඩු ලක්ෂ හතරහමාරක පමණ තොගයක් ගොඩ ගැසී තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පවසයි.

වසර 22 ක් තිස්සේ අංක තහඩු මුද්‍රණය සිදුකළ සමාගමේ කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා යින් අවසන් වූ අතර අංක තහඩු මුද්‍රණය සඳහා සමාගමක් තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ප්‍රවාහන අමාත්‍යංශය විසින් ආරම්භ කළේ ඉන් අනතුරුවය.

මේ අනුව මැයි මස 01 වැනිදා සිට අංක තහඩු මුද්‍රණය නැවතූ අතර අලුතින් ලියාපදිචි කළ වාහන ඇතුළු වාහන ලක්ෂ හතර හමාරකට අධික ප්‍රමණයක අංක තහඩු මුද්‍රණය සඳහා ගොඩ ගැසී ඇත.

ප්‍රසම්පාදනයේදී අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා සමාගමක් තෝරාගත් අතර එම සමාගම හා මෝටර් රථප්‍රවාහන දෙපාර්තුමේන්තුව පසුගිය මාර්තු මාසයේදී ගිවිසුමකටද අත්සන් කළහ.

මෙම සමාගම විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ යන්ත්‍ර සූත්‍ර සවිකරමින් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *