වසරේ පළමු කාර්තුවේ අයවැය අතිරික්තය බිලියන 116 ක් – රාජ්‍ය ආදායම 40% කින් ඉහළට යයි

වසරේ පළමු කාර්තුව තුළ රාජ්‍ය මූල්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස ශක්තිමත් ව ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

2026 වසරේ ජනවාරි සහ මාර්තු- අතර කාලය තුල රජය රුපියල් බිලියන 709.6 ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කර තිබෙන අතර, එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුල වාර්තා වූ රුපියල් බිලියන 397.47 සමග සැසදීමේ දී 78.5% ක වර්ධනයකි.

(ප්‍රාථමික අතිරික්තය යනු රජයක මුළු ආදායමෙන් පෙර ගත් ණය සඳහා ගෙවිය යුතු පොලී මුදල් හැර අනෙකුත් සියලුම රජයේ වියදම් අඩු කළ පසු ඉතිරි වන ශේෂයයි)

ඊට අමතරව, සමස්ත අයවැය ශේෂය රුපියල් බිලියන 116.35 ක අතිරික්තයක් ලෙස වාර්තා වී තිබේ. පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ අයවැය ශේෂය රුපියල් බිලියන 234.46 ක හිගයක් ලෙස වාර්තා විය.

රජයේ මුළු ආදායම සහ ප්‍රාධාන පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසදීමේ දී 40.5% කින් වර්ධනය වී තිබේ.

පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ රාජ්‍ය ආදායම ප්‍රධාන සමග රුපියල් ට්‍රිලියන 1.07 කි.

මේ වසරේ එය රුපියල් ට්‍රිලියන 1.5 දක්වා ඉහළ ගොස් තිබේ.

බදු සහ බදු නොවන යන දෙඅංශයේ ම ආදායම ඉහළ යාම මෙසේ රාජ්‍ය ආදායම ඉහළ යාමට හේතුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *