පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයට සම්බන්ධ හෝ ඊට වගකිවයුතු යැයි කියන ඕනෑම පුද්ගලයෙකුට, ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ක්රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්රී රෝහණ බණ්ඩාර මහතා අවධාරණය කරයි.
රටේ ඉහළම ආරක්ෂක නිලධාරීන් හෝ දේශපාලන නායකයින් වුවද, යුක්තිය පසිඳලීමේ ක්රියාවලිය සැමට සමානව ක්රියාත්මක විය යුතු බව ඔහු පෙන්වා දෙයි.
“හිටපු ජනාධිපතිවරු හෝ වේවා…. පාස්කු ප්රහාරයට ගෑවිච්ච කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් සුරේෂ් සාලේ නෙමේ, ඊට වැඩිය තරාතිරමක කෙනෙක් වුණත් නිසි විදියට දඬුවම් දිය යුතු බව ද ඔහු කියා සිටී.