දේශපාලන ක්‍රියාකාරී සුගීෂ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ .
වත්මන් දේශපාලන පසුබිම තුළ සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින තත්ත්වය දෙස බලන විට, රටේ පොදු ජනමතය සහ මහජන ආකල්පය ඔහු දෙසට සාධනීය ලෙස හැරෙමින් පවතින බව බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.
ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළද, අද වන විට මුළු රටේම ජනතාව රහසින් සුරේෂ් සලේ මහතා කෙරෙහි දැඩි ළෙන්ගතුකමක් සහ ආදරයක් දක්වන බව ඔහු පවසයි