සිඩ්නි බලා පියාසර කළ ශ්‍රීලංකන් යානයකට අකුණක් වදී – .ගුවන් නියමුවන් යානය සාර්ථකව හරවා නැවත කටුනායකට ගොඩබස්වයි

කොළඹ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි (Sydney) නුවර බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL606 ගුවන් යානය, ගුවන්ගත වී සුළු වේලාවකින් අකුණු ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් අද දින (12 සිකුරාදා) අලුයම නැවතත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) වෙත හදිසියේ ගොඩබස්වා තිබේ.

යානය අහසේදී අතිශය තීරණාත්මක තත්ත්වයකට මුහුණ දුන් නමුත්, ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සූක්ෂම මැදිහත් වීම මත යානය සහ මගීන් සියලු දෙනාම බේරාගැනීමට හැකි වී ඇත.

යානය ගුවන්ගත වූ සැනින් එක්වරම විශාල පිපිරුම් හඬක් (Loud bang) ඇසුණු බවත්, ඉන් අනතුරුව යානයේ එක් එන්ජිමකින් ගිනිදැල් මතු වන ආකාරය නිරීක්ෂණය වූ බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, සුළු වේලාවකින් යානයේ තත්ත්වය පාලනය කරගැනීමට ගුවන් කාර්ය මණ්ඩලය සමත් වූ අතර, යානය අකුණු ප්‍රහාරයකට (Lightning strike) ලක් වූ බව මගීන්ට දැනුම් දී තිබේ.

අකුණු ප්‍රහාරය හේතුවෙන් යානයේ එක් එන්ජිමකට සුළු හානි සිදුව ඇති බව ගුවන් නියමු කාර්ය මණ්ඩලය විසින් තහවුරු කරගෙන ඇත.

හානියට පත් එන්ජිම සමඟ දිගු ගමනක් යෙදී ඇති සිඩ්නි නුවර බලා පියාසර කිරීම අවදානම් සහගත බැවින්, පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස යානය වහාම නැවත කොළඹ බලා හරවා ගැනීමට නියමුවන් තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *