අලුත් Heart එකක් දාලා ඉන්නේ, රනිල් වසර 10කින් තරුණ වෙලා, දැන් කොන්දත් ශක්තිමත් – හරීන් ප්‍රනාන්දු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාර්ථක හෘද සැත්කමකින් (bypass) පසුව, මේ වන විට වසර 10කින් පමණ තරුණ වී නව ජවයකින් පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව, ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, හිටපු ජනාධිපතිවරයාගේ මෙම සැත්කමෙන් පසු දැන් ඔහුගේ කොන්ද ද ඉතා ශක්තිමත් වී ඇති බවට සැහැල්ලුවෙන් විහිළුවක් ද සිදු කළ බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මාස තුනකට පමණ පසු මෙලෙස පක්ෂ කටයුුතු හා සම්බන්ධ වූ බවත්, එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාකාරීත්වය, ඉදිරි පියවර සහ ඉදිරි සංවත්සරය පිළිබඳව සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් කළා.

එහිදී විශේෂයෙන්ම සමගි ජන බලවේගය සමඟ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ විසින් කරුණු පැහැදිලි කළ බවයි ඔහු ප්‍රකාශ කළේ.

නව නායකත්වයක් අවශ්‍ය නොවන බවත්, ඔහුට අලුත් හදවතක් යොදා ඇති බවත්, මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා අවුරුදු 10කින් තරුණ වී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *