පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් බැටකෑ අහිංසක පිරිස් වෙනුවෙන් සැබෑ යුක්තිය ඉටු විය යුතු බවත්, එම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා කිරීමට හෝ එය වැළැක්වීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොතැබිය යුතු බවත් පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අවධාරණය කරති.
තම තමන්ගේ ආගමික වත්පිළිවෙත් ඉටු කිරීම සඳහා පූජනීය ස්ථානවලට රැස්ව සිටි අහිංසක මිනිසුන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම සමස්ත සමාජයේම වගකීමක් බව උන්වහන්සේ පෙන්වා දෙති.