මැදපෙරදිග අර්බුදයෙන් බේරෙන්න ලංකාව ඇතුළු රටවල් 15කට ආසියානු බැංකුවෙන් ඩොලර් බිලියන 4ක මූල්‍ය පැකේජයක් ක්‍රියාත්මක කරයි

මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලන හා යුදමය අර්බුද හේතුවෙන් එල්ල වන දැඩි ආර්ථික කදම්බයන්ට (Economic Shocks) ඔරොත්තු දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඩොලර් බිලියන 4ක (රුපියල් බිලියන 1200කට අධික) හදිසි මූල්‍ය ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම සහය නිල වශයෙන් ඉල්ලා සිටි රටවල් 15 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබේ.

මෙම දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනය මඟින් මැදපෙරදිග අර්බුදය නිසා ආසියානු කලාපීය රටවල ආර්ථිකයන්ට සහ ජන සමාජයට එල්ල විය හැකි බරපතළ බලපෑම් අවම කිරීම අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *