ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා – නාමල් රාජපක්ෂ කියයි

ගෝඨාභය රාජපක්ෂ ජනපති වූයේ පාස්කු ප්‍රහාරය නිසා බව ආණ්ඩුවේ ඇතැමුන් පවසන බවත් එය එසේනම් ජනතා විමුක්ති පෙරමුණත් ඊට ජාතික ලැයිස්තුවෙන් වැඩකර ඇතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

සේරුවාවිල රජවැව පැවති ජන හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“මම දැක්කා අදත් ආණ්ඩුවේ ඇමතිවරයෙක් අහනවා මේ නාමල්ට පාස්කු ඉරිදා ගැන ප්‍රශ්නයක් නැතිලු.දැන් පාස්කු ඉරිදා සම්බන්ධයෙන් බෝම්බකරු ජේවීපී එකේ ජාතික ලැයිස්තුවේන් පොහොට්ටුවේ නෙවෙයි.ඔවුන්ට පෙනී හිටපු නීතිඥවරුන් මොන පක්ෂයෙන්ද ඡන්දෙ ඉල්ලුවේ කියලා ඇහුවොත් ත්‍රස්තවාදීන්ගේ නීතිඥවරු හෙළිවෙනවා.

පරීක්ෂණ කටයුතුවල ෆයිල් යට ගහගෙන හිටියේ කවුද කියලා හොයලා බැලුවොත් අද ආණ්ඩුවෙන් ඒ අයට ඉහළ තනතුරු දීල තියෙනවා.

හරි අහඹු සිදුවීමක් මේ අය කියන විදියට හැබැයි ගෝඨාභය ජනාධිපතිවරයා ගේන්නලු.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධ කළේ ඒ කියන්නේ මේ අය කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවන්න ජෙවීපී එකේ ජාතික ලැයිස්තුවෙන් වැඩ කරලා තියෙනවා.එහෙනම් ඉතින් ජේවීපී එක තමයි වගකියන්න ඕන.” යනුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *