2026 “ගිරි කුළු හටන” මහා ක්‍රිකට් තරඟය ජූනි 26 දා හාලිඇල පවත්වන්න සියල්ල සූදානම් කරයි

2026 “ගිරි කුළු හටන” මහා ක්‍රිකට් තරඟය ජූනි 26 දා හාලිඇලදී
ඌව පළාතේ ප්‍රධාන පෙළේ පාසල් ද්විත්වයක් වන බ/හාලිඇල මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) සහ බ/ඌව විද්‍යා විද්‍යාලය (Uva Science College) අතර පැවැත්වෙන “ගිරි කුළු හටන” මහා ක්‍රිකට් තරඟය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ

“විදුහල්පති දම්සිරි බෝගහකුඹුර අනුස්මරණ කුසලානය” වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම ඓතිහාසික ක්‍රිකට් සංග්‍රාමය 2026 ජූනි මස 26 වන දින හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය “විශ්වීය මිත්‍රත්වයක් උදෙසා” යන තේමාව පෙරදැරි කරගනිමින්, දෙවිදුහල්හි විදුහල්පතිවරුන් වන ජේ.එම්.එම්. මැණිකේ මහත්මිය සහ ටී.එම්.එස්.පී. තෙන්නකෝන් (T.M.S.P. Tennakoon) මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම තරඟය සංවිධානය කරනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *