අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සහ ඔවුන් මරණයෙන් බේරා දෙන බව පවසමින් මුදල් ලබාගැනීමේ ජාවාරම්වල නිරත වන අයට කිසිදු පක්ෂ භේදයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, කෙනෙකු අත්අඩංගුවට ගත් පසු සිදුකළ යුත්තේ නිසි ක්‍රමවේදය අනුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීම වුවද, ඇතැම් පිරිස් එසේ නොකර මරා දැමීමෙන් බේරා ගැනීමට යැයි පවසමින් මහා පරිමාණයෙන් මුදල් ලබාගන්නා බවයි.
එහිදී අද උදෑසන සිදු වූ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව සෘජුවම සිහිපත් කරමින් ජනාධිපතිවරයා විපක්ෂය වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර, එහිදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය:
“අපරාධකරුවන් මරාදැමීමට, මරණයෙන් බේරීමට සල්ලි ගන්නවා, අද උදෙත් අත්අඩංගුවට ගත්තනේ, තවදුරටත් ඔයගොල්ලන්ගේ පක්ෂයේ ඒ අයව තියාගෙන ඉන්නවද? ඒවට පක්ෂ භේද නෑ. කට්ටිය හිතුවා මේවා කාලයේ වැලි තලාවෙන් යට වෙයි කියලා. අපරාධකරුවන් නිසි පරිදි නීතිය හමුවට පැමිණවීම තමයි අපේ වගකීම…”