සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය ඔස්සේ වර්තමානයේදී මහා සංඝරත්නයට විවිධ අන්දමේ නින්දා අපහාස කිරීමට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
සංඝයා වහන්සේලාට විවිධ අන්දමින් නින්දා අපහාස කිරීම, අවුල් සහගත තත්ත්වයන්ට ඇද දැමීම, අපහාස කිරීම ආදී භික්ෂූ ශාසනය පහත් කොට සැලකීමට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවත් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.
මල්වතු අස්ගිරි විහාරයන්හි උපසම්පදා විනය කර්ම කටයුතු අවසන් වූ වහාම මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.