තවත් මෙගාවොට් 250ක සූර්ය බල බැටරි පද්ධතියක් ලංකාවට ගෙන ඒමට තීරණය කරයි

තවත් මෙගාවොට් 250ක සුර්යය බල බැටරි පද්ධතියක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බව පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

එහි සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා පැවසුවේ, එම බැටරි පද්ධතිය දිවයිනේ උපපොළවල් 19ක ස්ථාපීත කිරිමට සැලසුම් කර ඇති බවයි.

එමගින් ඩීසල් සහ දැවිතෙල් මත වන වියදම අඩු වන බවත් ඔහු පැවසුවේය.

එම පිරිවැය අවම වීම මත ඉදිරියේදි ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *