ඩීසල් මිල සංශෝධනයට සමගාමීව දිවයිනේ බහාලුම් (කන්ටේනර්) ප්‍රවාහන ගාස්තු ද 3%කින් අඩු කිරීමට පියවර ගත් බව බහලුම් ප්‍රවාහකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඉන්ධන මිල අඩු වීමත් සමඟ තම සංගමය සතු මිල සූත්‍රයට අනුව භාණ්ඩ ආනයන සහ අපනයන ප්‍රවාහන ගාස්තු මෙලෙස සංශෝධනය කරන බව බහලුම් ප්‍රවාහකයන්ගේ සංගමයේ උප සභාපති සරත් කහදවආරච්චි මහතා සඳහන් කළේය.
බහලුම්වල බර පන්තිය අනුව අය කරනු ලබන ගාස්තු ප්රමාණවල යම් වෙනස්කම් පැවතිය හැකි වුවද, සමස්තයක් වශයෙන් ගත් කල සියලු ප්‍රවාහන ගාස්තු 3%ක ප්‍රතිශතයකින් අඩු වන බව ද ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.