ඉන්ධන මිල අඩු­වී­මෙන් බහ­ලුම් ප්‍රවා­හන ගාස්තු 3%කින් පහ­ළ දමයි

ඩීසල් මිල සංශෝ­ධ­න­යට සම­ගා­මීව දිව­යිනේ බහා­ලුම් (කන්ටේ­නර්) ප්‍රවා­හන ගාස්තු ද 3%කින් අඩු කිරී­මට පිය­වර ගත් බව බහ­ලුම් ප්‍රවා­හ­ක­යන්ගේ සංග­මය ප්‍රකාශ කරයි. ඉන්ධන මිල අඩු වීමත් සමඟ තම සංග­මය සතු මිල සූත්‍ර­යට අනුව භාණ්ඩ ආන­යන සහ අප­න­යන ප්‍රවා­හන ගාස්තු මෙලෙස සංශෝ­ධ­නය කරන බව බහ­ලුම් ප්‍රවා­හ­ක­යන්ගේ සංග­මයේ උප සභා­පති සරත් කහ­ද­ව­ආ­රච්චි මහතා සඳ­හන් කළේය.

බහ­ලු­ම්වල බර පන්තිය අනුව අය කරනු ලබන ගාස්තු ප්‍රමා­ණ­වල යම් වෙන­ස්කම් පැව­තිය හැකි වුවද, සම­ස්ත­යක් වශ­යෙන් ගත් කල සියලු ප්‍රවා­හන ගාස්තු 3%ක ප්‍රති­ශ­ත­ය­කින් අඩු වන බව ද ඔහු වැඩි­දු­ර­ටත් තහ­වුරු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *